අද සිට රට පුරා දින 04ක් විදුලිය කැපේ!

August 18, 2020 at 6:56 pm | by emanisa.lk

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කරයි. 

ඒ අනුව දිවයින කළාප 04කට වෙන් කොට එහි එක් එක් කළාප සඳහා පස්වරු 6-7, 7- 8, 8 -9, 9 -10 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

දැනට අක්‍රියව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනක පද්ධතිය යළිත් යථාවත් වීමට දින 04ක කාලයක් ගතවන බව මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් මෙගාවෝට් 810ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බැවින් මෙම හිඟය මග හරවා ගැනීමට මෙම ක්‍රියා මාර්ගය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස