ආනයනික සහල් බදු සත 25ට බසී…! සහල් මිල අඩු වෙයි ද?

November 4, 2021 at 10:09 am | by emanisa.lk

ආනයනික සහල් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබු රු 50ත් රු 60ත් අතර බද්ද ශත 25 දක්වා අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම බදු අඩු කිරීම නොවැම්බර් 02 වන දා සිට මාස හයක් සඳහා වලංගු වෙයි.

සහල් මත පනවා ඇති බදු අඩු කළහොත් සහල් ගෙන්වා පාලන මිලට ලබා දීමට සූදානම් බව ආයනයකරුවන් මෙයට පෙර සඳහන් කර තිබිණි.

කෙසේ වුව ද පසුගිය සමයේ සීනි බදු අඩු කළ ද එහි වාසිය අවසානයේ ජනතාවට නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *