සමෘද්ධි ප්‍රතිලාභී දීමනාව සියයට 28කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
මේ වන විට මෙරට සමෘද්ධි ප්‍රතිලාභීන් දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක ප්‍රමාණයක් සිටින අතර, ඔවුන් සඳහා මේ දීමනාව වැඩි කිරීමට රජය තිරණය කළ බව ද හෙතෙම පැවැසීය.
මෙතෙක් රුපියල් 3,500ක දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 4,500ක දීමනාවක් ලැබෙන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙතෙක් රුපියල් 2,500 දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් රුපියල් 3,200ක දීමානවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙන අතර රුපියල් 1,500 ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 1,900ක දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.