ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලකට මීගමුව ප්‍රදේශයේ ජනතාව විරෝධය පළකර තිබේ.
මීගමුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ව්‍යාපාරිකයෙකු හොටලයක් ඉදිකරන බවට සහ දේවානි ජයතිලක ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවට ජනතාව චෝදනා කළේය.
අදාළ ස්ථානය නිරීක්ෂණය සඳහා ඇමැති ඩග්ලස් දේවානන්ද පැමිණි අවස්ථාවේ මෙය සිදුවිය.
ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් නොකර දේවානි ජයතිලක සිය නිල රථයේ නැඟී ගිය අතර ජනතාව හූ කියා විරෝධය පළකළේය.