අගමැතිකමට විමල් හොඳයි…! – වාසු…

June 1, 2022 at 3:15 pm | by emanisa.lk

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ කටයුතු කරන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඔහු අගමැති ධූරයට වුවත් හොඳ බවයි, වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ.

21 වන සංශෝධනය පරාජය කිරීමට කපුටා උත්සාහ කළ ද එය සම්මත කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රී ධුර 150 සඳහා පොහොට්ටුවෙන් උවමනා ඡන්ද 30ක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.

එම ඡන්ද ප්‍රමාණය එම පක්ෂයෙන් ලබා ගැනීම ගැටලුවක් නොවන බව ද වාසුදේව නානායක්කාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *