අංකල් කියල ළං වුණා… වෙන්වෙමු කීවත් බෑ කීවා…! පෙම්වතිය මරා සිය දිවි නසාගත් SI බිරිඳට ලියූ අවසන් ලිපිය…

March 3, 2021 at 11:34 pm | by emanisa.lk

තරුණියක් ඝාතනය කර තමන්ද සිය සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා විසින් තම බිරිඳ වෙත ලියන ලද ලිපියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වෙයි.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.
—————————–

අම්මට

මට සමාවෙන්න, මගේ ජිවිතේ පණ මගේ පවුල, මොන විදියේ වැඩ කළත් මම එක දුන්නෙ පවුලට. එය එසේ වෙද්දී SI අංකල්, SI අන්කල් කිය කියා මගේ මිතුරකුගේ දියණියක් මට ළං වුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට මං කොච්චර ආදරේද කියලා. මුලදි ලොකුවට නොවුණට පසුව ඒ ළමයටත් මගේ දරුවකුට වගේම සලකන්න කීවා. එය එහෙම කරන්න මට බෑ. කියපු හැමදේම කරා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි ළමයින්ටයිත් එක්ක බනින්න ගත්තා. මට එපා උනා. නවත්තපු මේ සම්බන්දෙ කිව්වා. එහෙම බෑ කියලා නොයෙක් දේ කළා. ඒක ඔයා දන්නවා.

ඔයාගේ තරහ කේන්තිය ගෑනියෙක් හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියෙ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුනොත් මාව හොයා ගන්නකං ඔයාලට පොලීසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කරගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නෙ නෑ. අවනම්බුවක් වෙයි ඉවසලා වැඩ කරන්න.

මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. මම දන්නේ නෑ ලෝකෙ ගැන. නොදැන නෙමෙයි මම මේවට පැටලුණේ. ඒත් දැන් ඉතිරිවෙලා නෑ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනාව මම මගේ ජීවිතෙන්ම දැන් විඳිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලාගන්න කෙනෙක් ඇති. අවුරුදු ගණන් හිරබත් කන්න වෙයි මට.

මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුන නම් හොදයි කියල දැන් හිතෙනව.මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කාලයක් යනකොට දුක ඇරිල යාවි.

ලෝකයේ ඇති වෙනවා. පවතිනවා. නැති වෙනවා. ඒකයි ලෝක ධර්මය. දැනටත් මාව සීඅයිඩී එකෙන් හොයනව. පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වය කියන්න. කාලයක් තිස්සේ වුණ දේ ….. ආදරය කිය කිය ඉදල වෛර කළා …

මට සමාවෙන්න.
තෙරුවන් සරණයි.
මීට පේ‍්‍රම්

මේක කාටවත් පෙන්වන්න එපා. අම්මගෙ තුන්මාසෙ දානෙ කරන්න. මට එන්න බැරි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *