හොරුන්ට බයේ නිශාන්ත සිල්වා රට පැන්නා! – ජවිපෙ

November 30, 2019 at 8:45 am | by emanisa.lk

ඉස්‌සර පොලිසියට බියෙන් හොරුන් රට පැන්න බවත් මේ වනවිට හොරුන්ට බියෙන් පොලිසිය රට පනින තත්ත්වයක්‌ උදාවී ඇති බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ (29) සඳහන් කළේය.

පසුගිය රජය රාජ්‍ය නිලධාරීන් මර්දනය කරන්නේ යෑයි කියමින් බලයට පැමිණි වත්මන් ආණ්‌ඩුව මේ වන විට ඔවුන්ට එරෙහි විමර්ශනය කළ සියලු නිලධාරීන් දඩයම් කරමින් ඇති බව හෙතෙම පැවසීය.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දඩයම් කිරීම සහ තානාපති කාර්යාල නිලධාරීන් පැහැර ගැනීම් හරහා වත්මන් රජය රටට ලබාදෙන පණිවිඩය අති භයානක බවත් මෙය උපන්ගෙයිම නවතා නොගතහොත් රටටත් ජනතාවටත් අනාගතයේ අතිශයෙන්ම බරපතළ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

හඳුන්නෙත්ති මහතා ඊයේ (29 වැනිදා) එම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ල පිහිටි එම පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස