හෙළ උරුමය අතහැරල පාඨලී සමගි බලේට ආවා! 2025 අපේ පොදු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස! – තිස්ස…

December 30, 2020 at 9:21 pm | by emanisa.lk

රට හමුවේ ඇති එක ම විකල්පය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය බව මේ වන විට ඔප්පු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඉදිරියේ දී සමගි ජනබලවේගය සෙසු පක්ෂ සමග එකතු වී සමගි ජන සන්ධානය ගොඩනඟන බවත් පාඨලී චම්පක රණවක පමණක් හෙළ උරුමය අතැර සමගි ජනබලවේගයට එකතු වීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඔහු අනාවරණය කළේ ය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම සන්ධානයේ නායකයා වන සජිත් ප්‍රේමදාස ඉදිරිපත් විය යුතු බවට සිය පක්ෂය ඒකමතිකව තීන්දු කර ඇති බව ද තිස්ස අත්තනායක හෙළිදරව් කළේ ය.

අද (30) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස