හිරගෙවල් හතක ගියත් සටන අතාරින්නේ නෑ….! කාබනික ද රසායනික ද අදාළ නෑ… පෝර දීපල්ලා…! – ජවිපෙ…

July 7, 2021 at 5:55 pm | by emanisa.lk

කාබනික ද රසායනික ද යන්න තමන්ට අදාළ නැති බවත් තමන් ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින්නේ පොහොර බවත් සමන්ත විද්‍යාරත්න පවසයි.

මහා සංඝයා පෙරටු කරගෙන පොහොර නොමිලේ දෙන්නම් යැයි කියා ගෙන බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව අද ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරමින් ඇතැයි ද ඔහු චෝදනා කළේ ය.

නන්දසේන ජනාධිපතිවරයාට හෝ මහින්ද අගමැතිවරයාට ජනතාව සිය ප්‍රශ්න නොකීව ද පන්සලට මෙන් ම ජනතාව නියෝජිතයින් ලෙස තමන්ට ජනතාව ඒ ප්‍රශ්න පවසන බවත් හෙතෙම සිහිපත් කළේ ය.

කාක් පිහාට්ටක් නොව කපුටෙක් එල්ලුවත් මේ ප්‍රශ්නය විසඳයි නොහැකි බවත් විසඳුම ගොවි ජනතාවට පොහොර ලබා දීම බවත් සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළේ ය.

වහා ම පොහොර ලබා දී බඩු මිල අඩුකර ජනතා ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවත් නො එසේ නම් ඊට එරෙහිව සටන් කළ සිරගෙවල් හතක වුව යාමට තමන් සූදානම් බව සිරගෙවල් තව ලොකු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

නිරෝධායන නීති කඩමින් උද්ඝෝෂණයක් කර පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා මාධ්‍ය අමතමින් සමන්ත විද්‍යාරත්න මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස