ජවිපෙ සහෝදරයින්ගේ අයිතිවාසිකම් රැක දෙන්න සජිත් පෙරට….!

July 4, 2021 at 8:00 pm | by emanisa.lk

නිරෝධායන නීති කැඩූ බවට චෝදනා කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇතැයි සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දිගින් දිගට ම කටයුතු කළ බව ය.

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතියක් බව අවධාරණය කරන විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පවසන්නේ සිය සහෝදර දේශපාලන පක්ෂවල සගයින්ගේ අයිතිවාසිකම් සුරැකීමට තමා සෑම විට ම ඉදිරිපත් වන බව ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිය දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ලබා දුන් ජවිපෙ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වීම අගය කළ යුතු බව දේශාපලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස