හිටපු පාලකයින් ගෑස් ඕඩර් කරල නෑ…! අර්බුදයක් ඇති වුණේ ඒකයි..! – ලිට්‍රෝ සභාපති…

June 15, 2022 at 3:57 pm | by emanisa.lk

දැනට ගොඩ බාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිදු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්‍රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් ද (15) පැවසීය.

අවම වශයෙන් සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට ඉන්ධන ගෙන ඒමට සාකච්ඡා කර නොමැති බව කී මුදිත පීරිස්, ඒ හේතුවෙන් හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.

ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතා ම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසඳිය නොහැකි යැයි කනගාටුවෙන් හෝ කිවයුතු බවත් පිරීස් මහතා කීය.

ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දුන්නේ, ඊළඟ ගෑස් නැව පැමිණීමට තවත් දින 14ක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *