හරීන් කොරෝනා නෙමෙයි කොකේන් පරික්ෂාවට ලක්කරනු…! හැසිරීම කතාව එන්න එන්න ම අසාමාන්‍යයයි….! – ශෙහාන් සේමසිංහ….

January 21, 2021 at 9:36 pm | by emanisa.lk

හරීන් ප්‍රනාන්දු කොරෝනා පරීක්ෂණයක් සඳහා නොව කොකේන් මත්ද්‍රව්‍ය ගන්නේ දැයි සොයා බලන පරික්ෂණයක් සඳහා යොමු කිරීම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අමතන ආකාරය සහ භාවිත කරන වචන අසාමාන්‍ය ස්වරූපයක් පවතින බව ඇමැතිවරයා අනාවරණය කරයි.

එහෙයින් හරීන් ප්‍රනාන්දු වහාම ඒ සඳහා යොමු කළ යුතු බවත් විරුද්ධ පක්ෂයේ කාවින්ද ජයවර්ධන එහි සාක්ෂිකරුවෙකු ලෙස යොදාගත හැකි බවත් ආණ්ඩු පක්ෂයෙන් ද වෛද්‍යවරයෙක් ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් කොකේන් ගහන බවට රංජන් රාමනායක චෝදනා කර ඇති බවත් එහි ඇත්තක් ඇතැයි තමන් ද විශ්වාස කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන දිසානායක ප්‍රකාශ කළේ ය.

අද (21) පාර්ලිමේන්තුවේ දී ඔවුහු මෙම අදහස් පළ කළහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස