හතුරු එළවන්න නීති මගට! ඔහු වෙනුවට විදෙස් පුහුණුකරුවෙක්!

February 8, 2019 at 8:44 am | by admin

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඒම තනතුරෙන් ඉවත් කිරීම සඳහා වැඩ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද හතුරුසිංහ ඉල්ලා අස්වීම ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා ඔහු ඉවත් කිරීම යම් ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇත.

එබැවින් ඔහු ඉවත් කිරීම සඳහා නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමේ සූදානමක් ද ඇති අතර ඔහු ඉවත් කර විදේශ පුහුණුකරුවකු ලබා ගැනීම සැලසුම වී තිබේ.

මාසයකට රුපියල් ලක්ෂ 70ක් පමණ වැටුප් සහ දීමනා ලබන හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම මෙම ඉවත් කිරීමට හේතු වී තිබේ. කෙසේ වුවද බංගලිදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහුට නැවත කැඳවීමක් ලැබී ඇතැයි ද වාර්තා පළ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *