සෞදියේ අවතැන් වූ පිරිස් ජනපති අණින් වහාම ලංකාවට!

November 4, 2020 at 7:37 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150ක පමණ අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරි පැය 48 ඇතුළත මෙ රටට යළි ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් ඒ සඳහා හැකි ඉක්මනින් ගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදීය. එම රැස්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය සේවයේ ප්‍රධානීහු රැසක් එක්ව සිටියහ.

ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 72 ක මෙතෙක් සිදු කර ඇති නිරෝධායන ක්‍රියාපටිපාටිය අනුව එහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ඉදිරි දින 02 ක ඇතුළත නැවත සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිත ය.

ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන විදේශ රටවල සිට මෙ රටට ගෙන්වනු ලබන ශ්‍රමිකයින්ට පහසුවෙන් භාවිත කළ හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස