ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලැබෙන සුළු වාර්ගික ඡන්ද කඩන්න ජනාධිපතිවරණයට විග්නේශ්වරන්!

April 10, 2019 at 10:44 am | by admin

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමස්ත සුළු ජාතීන්ගේ නියෝජිත අපේක්ෂකයා ලෙස තරග කිරීමට උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කිරීමට දෙමළ ඩයස්පෝරාව සැලසුම් කර ඇත.

එසේ තරග කිරීමෙන් සුළු ජාතික ඡන්ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන්ට ලැබීමට ඇති අවකාශය අහිමි කිරීම එහි ප‍්‍රධාන අරමුණ බව විග්නේෂ්වරන්ට පූර්ණ වශයෙන් සහය දෙන දෙමළ දේශපාලන පක්ෂයක ප‍්‍රකාශකයෙක් පැවසීය.

සුළු ජාතීන්ගේ පොදු අපේක්ෂකයකු ලෙස විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කිරීමත් ඔහුට සමස්ත සුළු ජාතික ඡන්ද ලබා ගැනීම උදෙසා සියලු දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට උතුරේ ප‍්‍රධාන පෙළේ දේශපාලන කණ්ඩායමක් මේ දිනවල සූදානම් කරමින් සිටින බවත් වාර්තා වෙයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් නොමැති වීමත් එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස අතර තුන්කොන් සටනක් දියත් වී තිබීමත් තම අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමට වාසිදායක තත්ත්වයක් උදාවනු ඇතැයි ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස