සියවසේ මහා බලවේග එජාප සන්ධානය එකවර නාය යයි! හකීම්, මනෝ, දිගම්බරම්, රිෂාඩ් බෑ කියයි! ඉතිරි වුණෙ පාඨලියි චතුරයි විතරයි!

August 3, 2019 at 12:23 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන තෙක් අලුත් සන්ධාන සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම්දීමක් කර තිබේ.

එසේම අලුත් සන්ධානයේ ලේකම් කවුරුන්ද යන කාරණය ඉතා තීරණාත්මක බව පවසා ඇති රවුෆ් හකීම්, එම තනතුර එක්සත් ජාතික පක්ෂය සතුව තිබීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.

එසේම, මනෝ ගනේෂන්, දිගම්බරම් හා රිෂාඩ් බද්දුර්දින් යන ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින් ද එජාපයේ අභ්‍යන්තර අවුල් විසඳා ගන්නා තෙක් ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇතයි අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අගෝස්තු 05 දා අත්සන් කිරීමට නියමිත සන්ධාන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්ට ආරාධනා කර තිබිනද ඔහු ඊට සහභාගිවී නොමැත.

කෙසේ වුවද අගෝස්තු 05ද පක්ෂ කිහිපයක් සමග හෝ ගිවිසුම්ගත වීමට දැඩි තීන්දුවක් ගෙන ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ, එදිනට අදාළ සංවිධාන කටයුතු රාජිත සේනාරත්න හා චම්පික රණවක අමාත්‍යවරුන්ට පවරා ඇත.

අගමැති කාර්යාලයෙන් ලැබෙන ආරංචිවලට අනුව, අගෝස්තු 05 එජාපය සමග ගිවිසුම් ගතවීමට මේවනවිට එකඟත්වය පළකර ඇත්තේ චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය හා චතුර සේනාරත්නගේ පක්ෂයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස