සියලු අවමංගල්‍ය කටයුතු පැය 24න් අවසන් කළ යුතුයි….! – රාජ්‍ය අමාත්‍ය චන්න….

February 16, 2021 at 11:57 am | by emanisa.lk

පැය 24ක් ඇතුළත සියලු ම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නව තීරණ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

“අපි තීරණයක් ගත්තා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවෙන පිරිස් සඳහා යම් සීමාවක් පැනවීමට සහ පැය 24ක් තුළ ඒ අවමංගල්‍ය කටයුතු සියල්ල නිමා කරන්න ඕනා කියන උපදෙස ලබා දෙන්න.

ඒ වගේ ම තමයි මංගල උත්සව කටයුතු සඳහා සහ අනෙකුත් උත්සව ප්‍රියසම්භාෂණ කටයුතු සඳහා 150ක් දක්වා මේ වන තෙක් අවස්ථාවල ලබාදීලා තිබුණා. අපි ඒක 50ක් දක්වා නැවත අඩුකරලා තියෙනවා. නීතිමය වශයෙන් දැනුම්දීමක් කෙරේවි.

විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා රාත්‍රී සමාජශාලා පිළිබඳව. ඒ වගේ ම විනෝදජනක කටයුතු සඳහා විවිධ ආකාරයේ එකතුවීම් පිළිබඳව. ඒ සඳහාත් හෙට සහ අනිද්දා ම යම් සීමා පැනවේවි.”

දෙරණ 360 දේශපාලන වැඩසටහනට ඊයේ (15) රාත්‍රීයේ සහභාගීවෙමින් චන්න ජයසුමන මහතා මේ බව අනාවරණය කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *