සිගරට්ටුවක මිල රු. 20කින් ඉහළ දමා ගුරු වැටුප් ඉහළ දමන්න…! – බුද්ධික පතිරණ…

October 7, 2021 at 11:56 am | by emanisa.lk

සිගරට් එකක මිල රු. 20කින් ඉහළ දැමීමෙන් ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට අවශ්‍ය මුදල සපයා ගත හැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

සිගරට්ටුවක් රු. 20කින් වැඩි කළහොත් වසරකට මහා භාණ්ඩාගාරයට රු. කෝටි 5000ක් ලැබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ගුරු වැටුප් ගැටලුව විසඳීමට රජයට අවශ්‍ය වන්නේ රු. කෝටි 5500ක් බව ද තවත් උවමනා කෝටි 500ක් පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් ගුරු වැටුප් විෂමතාව විසඳීමට අයවැය ක්‍රියාත්මක වන තුරු නොසිටිය යුතු බවත් බුද්ධික පතිරණ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *