සිංහල බෞද්ධ කතුන් වඳ කළ පුවත පිළිගන්න බෑ! – ජවිපෙ වෙබ් අඩවියක් හෙළි කරයි…

May 28, 2019 at 7:05 am | by admin

ඉස්ලාම් අන්තවාදයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳ කළ පුවත විශ්වාස කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක් පෙන්වා දෙයි.

පියල් පෙරේරා නම් දැනට බ්‍රිතාන්‍යයේ සේවය කරන වෛද්‍යවරයකුගේ ලිපියක් උපුටා දක්වමින් එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ සිසේරියන් සැත්කමක් කිරීම සඳහා දස දෙනෙකු පමණ සම්බන්ධ වන බවත් හැම විටම තිදෙනෙකුගේ ඇස් ශල්‍ය කර්මය වෙත යොමු වී පවතින බවය.

එවැනි සංකීර්ණ සැත්කමක් අතරතුර පැලෝපීය නාලය සිර කිරීම වැනි දෙයක් කළ නොහැකි බවත් එහෙයින් මෙවැනි වඳ සැත්කම් කළේ යැයි කිසිසේත් පිළිගත නොහැකි බවත් පෙන්වා දෙයි.

කෙසේ වුවද මෙවැනි වඳ සැත්කම් සිදු කර ඇති ද යන්න අදාළ රෝගීන් පරික්ෂා කිරීමකින් හඳුනාගත හැකි බවත් එම පුවත අසත්‍ය නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම යටතේ එම පුවත්පත තහනම් කළ හැකි බව මෙම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

කෙසේ වුවද මෙම පුවත සත්‍ය නම් අදාළ අන්තවාදී වෛද්‍යවරයාට එරෙහිවගත යුතු ක්‍රියාමාර්ග කිසිවක් මෙම ලිපියෙහි දක්වා නොමැත.

ලිපිය මෙතනින්….

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස