සිංහරාජේ ගැන දැරිය කියන්නේ පාරේ යද්දී දැක්ක දෙයක්…! ඒක සිංහරාජේ නෙමෙයි පෞද්ගලික ඉඩමක්…! – ජානක වක්කුඹුර

March 17, 2021 at 2:06 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක දී රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මෙම අදහස් පළ කළේ ය.

සිනි ආනයනය කිරීම නිසා රජයට විශාල පාඩුවක් වුණා කියලා. දැන් මේ පාඩුව වෙලා තියෙන්නේ මේ රටේ සිනි ආනයනය කිරීම තුළ රු. 50 තිබ්බ බද්ධ සත 25 දක්වා අඩු කරා. සිනි මිලි සිග්‍රයෙන් වැඩි වීම අඩු කරන්න. ඒ එක්කම යම්කිසි ප්‍රමාණයක් අඩු වුණා. ඒ අඩුවීම මේ රටේ ජනතාව බුක්ති වින්දා. අදටත් සතොස හරහා දැන් රු. 99 ට ජනතාව සිනි ලබා ගන්න කටයුතු කරනවා. මේ වාසිය මේක ආනයනය කරපු අයට වගේම මේ රටේ ජනතාවටත් ලැබිලා තිබෙනවා.ඒ වාසිය වැඩිපුර කොටසක් ලැබුණා කියනවා මේ ආනයන කරුවන්ට.

2015 සිනිවලට බද්ධ තිබ්බා රු. 30 ක්. හැබැයි ඒ බද්ද පහුගිය ආණ්ඩුව කාලයේ අඩු කරා 2016 ජූලි මාසයේ සත 25 ට. දැන් මේ අඩු කිරීම තුළ රු. 29 සත75 ක් එදා රජයටත් පාඩු වුණා. එතකොට කවුද නඩු කිව්වේ. ඒ ආණ්ඩුව ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා මේ බඩු මිල අඩු කිරීම සඳහා මේ බදු අඩු කරන්න. 2014.10.24 දා අපේ රටේ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ වාහන පුංචි කාර් සඳහා බද්ද තිබුණා 150% ක් හෝ ලක්ෂ 6 1/2 ක බද්දක්. හැබැයි යහපාලන ආණ්ඩුව ආවා 2015.02.26 දා මේක අඩු කරා 135 % ටත් අඩු කරා. එතකොට මේ රටට වාහන ආනයනය කරපු අයට වාසියක් වුණා ද මේ බදු අඩු කිරිම තුළ. ආණ්ඩුවට එදා බදු අඩු වුණේ නැද්ද. ඉතිහාසය පුරා බඩු අඩු කරලා තිබෙනවා බදු වැඩි කරලා තිබෙනවා.

පහුගිය කාලයේ මේ රටට ගම්මිරිස් ගෙනාවා වියට්නාමයෙන්. ලංකාවේ ගම්බිරිස් විකුණ ගන්න බැරි වුණා. ඒ කාලයේ මේ රටේ ගොවිජනතාවට තමන්ගේ නිෂ්පාදන විකුණ ගන්න බැරි වුණේ අපේ රටේ ගම්බිරිස් රු.500 නම් රු.250 ට වියට්නාමයෙන් ගෙනල්ලා කවලම් කරලා විකුණුවා. ගම්බිරිස් ගොවියා සම්පූර්ණයෙන් එහෙන් පිටින් නැවතුණා. අපි ආවට පස්සේ මේවා සම්පූර්ණයෙන්ම අපේ රටට ගේන ඒක නැවැත්තුවා. ඒ තුළ මේ රටේ ගොවියාට අපි සහනයක් දිලා තිබෙනවා. ඒ සහනය ගොවියාට ලැබෙනවා. අපි අසවැන්න වැඩි කරන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

පහුගිය දවසේ ගම සමඟ පිළිසඳර වැඩසටහනට අතිගරු ජනාධිපතිතුමා මීමුරේ ගමට යනකොට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ඇරියා පරිසරය විනාශයක් කරන්න යනවා කියලා. ඒත් එතුමා ගිහින් ආවා එහෙම කිසිදෙයක් වුණේ නෑ. ඒ ගමේ ගොවිජනතාවට ප්‍රශ්නයක් තිබුණා අපිට ඵලදායිතාවය අඩුයි, අපිට වෙළඳපොළක් නෑ, ජිවත් වන්න ක්‍රමයක් නූ කියලා. අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය විසඳන්න මට කිව්වා ඒ ගම්බිරිස් ගොවියන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා. මම ගියා පහුගිය 3 දා ගිහින් ඔවුන්ට ශ්‍රමය අඩව වැය කරලා කටයුතු කරන්න ගොවි සංවිධානවලට උපකරණ දුන්නා. පැල ටික නොමිලේ ලබා දුන්නා.

අපේ ඉල්ලීම තමයි මීමුරේ ගමේ වැසියන්ට නකල් රක්ෂිතයට ඇතුල් වන්න එපා, එහි අපි වවන්න ඉඩ දෙන්නෙත් නෑ. ඔබලාට ජිවත්වන්න අවශ්‍ය වටපිටාව දෙන්නම් කියලා. සියලු පහසුකම් අපි ලබා දෙන්නම්. මේ ප්‍රශ්නය විසඳන්න අපි කරපු දේ තමයි කුළුබඩු සංස්ථාවෙන් සැකසුරුවම් මධ්‍යස්ථානයක් ඒ ගමේ හදලා මීමුරේට පමණක් අපි වැඩි මිලට ගොවියාගේ ගම්බිරිස් මිලදි ගන්න අපි රජයක් හැටියට තිරණය කළා. එයින් නකල්ස් රක්ෂිතය ආරක්ෂා කිරීමය මෙහි ප්‍රතිඵලය. පහුගිය ඉරිදා පත්තරේ කියලා තිබෙනවා මම ගිහිල්ලා ජනයාට කිව්වා කියලා එනසාල් රක්ෂිතයේ ඇතුලේ වගා කර ගන්න ඉඩ දෙනවා කියලා. මේ වගේ පට්ටපල් බොරු මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා. අපි පරිසරය ආරක්ෂා කරන ආණ්ඩුවක්.

මේ දවස්වල සිංහරාජ රක්ෂිතය සම්බන්ධව කතා වෙනවා. දියණියක් කරපු කතාව හුවා දක්වමින් ඇත්ත හොයන්නේ නැතිව කටයුතු කරනවා. මේ දරුවා පාරේ කියන්නේ පාරේ යද්දි දැක්ක දෙයක් පිළිබඳවයි. සිංහරාජය ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා. මේ කවුරු වන විනාශයක් කරනවානම් ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒක සොයා බැලිම රජයේ වගකීම. අපි ඒ දරුවා කිව්වා ඒක වැරදි කියන්නෑ. අපි ඒ පිළිබදව සොයා බැලුවා. එය පෞද්ගලික ඉඩමක් කියලා දන්වලා තිබෙනවා. අපි මොනම හේතුවක් නිසාවත්, අතිගරු ජනාධිපතිතුමා සංවර්ධන කටයුතු කරන්නේ නෑ පරිසරයට රක්ෂිතයට හානි වන කිසිම ආකාරයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා ජන දුක අදුරන ජනාධිපතිතවරයෙක් ඊගාව ජනාධිපතිවරණයෙදි පත් කරන්න කටයුතු කරනවා කියලා. ඔය කතා සියල්ලම කියලා ඡන්දය ඉල්ලා ලක්ෂ 55 ට වඩා ඡන්ද ගන්න බැරිවුණා. ඊට පස්සේ තිබ්බ මහ මැතිවරණයෙදි තවත් ලක්ෂ 7 ක් අඩු කර ගත්තා. පුළුවන්නම් පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා දිනලා පෙන්වන්න. ජනතාව බලයට පත් කර ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කරන්න තිබෙන යුතුකම් අපි හරියාකාරව ඉෂ්ට කරනවා.

– මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස