සහා සංඝරත්නයට අපහාස කරන දේශපාලකයන් පක්ෂවලින් පන්නා දැමිය යුතුයි! – මහින්ද

August 4, 2019 at 6:02 pm | by emanisa.lk

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන්ගෙන ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

අපහාස කිරීමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් හිඳ රටේ සමඟිය සංහිඳියාව නැති කිරීමේ උත්සහයක් ලෙස මෙය හැඟෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන නායකයින් තම තමන්ගේ පක්‍ෂවල ඉන්න එවැනි උදවිය ඉවත් කිරීමට, දඩුවම් කිරීමට පියවර ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ තත්ත්වයට වගකිය යුත්තේ කවුද යන්න ජනතාව තීන්දු කළ යුතුයැයි ද විපක්‍ෂ නායකවරයා පැවසීය.

අද (04) පෙරවරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ගුණානුස්මරන මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස