සහරාන්ගේ දෙවන පෙළ ආරක්ෂා කර ගැනීමට දේශපාලකයන් මුස්ලිම් ආගමික නායකයන් සහ සංවිධාන පෙළ ගැසෙයි! තුන්වන පෙළ පිළිබඳ තොරතුරු ලැබෙද්දි පරීක්ෂණ අඩාල වන ලකුණු!

June 2, 2019 at 8:22 am | by admin

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

එහිදී දැනට අත්අඩංගුවට ගෙන ඇති සහරාන් සමග කටයුතු කළ ප්‍රබලයින් සහ එම සංවිධානයේ දේශන හා පුහුණුවීම් කටයුතුවල නිරත වීම නිසා අත්අඩංගුවට පත්වී සිටින අන්තවාදී පුද්ගලයින් කඩිනමින් නිදහස් කරන ලෙසට වන බලපෑම් හේතුවෙන් පරීක්ෂණ කටයුතු අඩපණ වීමේ තත්ත්වයක් මතුව ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ බලපෑම් කරනු ලබන අය අතර ආණ්ඩුකාරවරුන්, ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා පළාත් පාලන සහ මුස්ලිම් ආගමික නායකයින්ද ඇත. වැඩි වශයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරුන්ට බවද වාර්තා වේ.

පාස්කු ඉරිදා ස්ථාන අටකට එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය මේ වන විට දේශපාලන බලපපෙරළියකට තල්ලු වීම නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ.

අන්තවාදී කණ්ඩායමේ දෙවැනි පෙළ කණ්ඩායමට සම්බන්ධ එකසිය විස්සකට (120) ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විටත් අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් ද වැඩි පිරිසක් පුහුණු වීම්වලට සහභාගි වී කරාතේ හා කඩු හරඹ පුහුණු වී තිබේ. ආත්මාරක්ෂක සටන් කලාවට අමතරව අන්තවාදී අදහස් පතුරවන දේශනවලටද සහභාගි වී ඇත.

මීට අමතරව සහරාන්ගේ තුන්වැනි පෙළ පිළිබඳ තොරතුරුද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීමේදී දේශපාලන සහ ආගමික බලපෑම් වැඩි ලෙස එල්ල වන්නට පටන් ගෙන තිබේ. එම පිරිසට සහරාන් හා ඔහුගේ පළමු පෙළ කණ්ඩායම විසින් අන්තවාදී අදහස් උද්දීපනය වන ආකාරයේ අදහස් සමාජගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ වන විට තව්හිද් ජමාත් සංවිධානයට සෘජුව හා වක්‍රාකාරයෙන් සම්බන්ධ වී කටයුතු කළ දහසකට ආසන්න පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත. ඉන් 66ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනී‍ම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරති.

ඊට අමතරව ත්‍රස්ත විමර්ශන ඒකකයේදී සැකකරුවන් 21 දෙනකු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

චමින්ද සේනාරත්න Aruna.lk

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස