සබීතා ජනාධිපති පරීක්ෂණ කොමිසම මග හරී!

August 2, 2019 at 10:58 am | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යංශය මාසිකව රු. මිලියන 21ක කුලී පදනම යටතේ රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ලකට ගෙන යාම පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්විය.

මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන වර්තමාන ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය සඳහා පිහිටුවා ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනප්‍රිය නිළි සබීතා පෙරේරාට දැනුම් දුන්නද ඇය ඒ සඳහා සහභාගී නැතැයි වාර්තා වෙයි.

ඊයේ (01) ඒ හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී ඇත්තේ අදාළ ගිවිසුමට අයිතිකාර පාර්ශවය වෙනුවෙන් අත්සන් කර ඇති අයකු ලෙස සාක්ෂියක් සටහන් කර ගැනීමටය.

මෙම ගොඩනැඟිල්ල ඩී.පී. ජයසිංහ සමාගමට අයත් වන අතර එහි හිමිකුරු සබීතාගේ සැමියාය..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස