සබීතාගේ බිල්ඩිමට මාසිකව මි. 26ක් ගෙව්වේ නීතිපති අනුමැතිය නෑ! කෘෂිකර්මේ හිටපු ලේකම් කෝප් කමිටුවට කිව්වේ බොරු! අදාළ බදුත් ආණ්ඩුවේ මුදලින්ම ගෙවලා!

June 24, 2019 at 8:45 am | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යංශයට ඩී.පී. ජයසිංහ සමාගමෙන් කුළියට ගත් ගොඩනැඟිල්ල සඳහා මාසිකව රු. මිලියන 24ක් ගෙවීමට නීතිපතිවරයා අවසර ලබා දුන් බවට කෘෂිකර්ම අමාත්‍යංශ හිටපු ලේකම් බී. විජයරත්න කෝප් කමිටුව හමුවේ බොරු කී බව එම අමාත්‍යංශයේ නීති නිලධාරිනී චාමලී ද සොයිසා වර්තමාන ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ (21) ප්‍රකාශ කළාය.

2016 අප්‍රේල් මස මෙම ගොඩනැඟිල්ල කුළියට ගැනීමට අදාළ ගිවිසුම නීතිපතිවරයා වෙත යොමු කළ ද එහි අඩුපාඩු පෙන්වා අනුමැතිය ලබා නොදුන් බවත් සඳහන් කළය.

එහිදී සාක්ෂි ලබා දුන් එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමනි රසිකා අබේධීර ප්‍රකාශ කළේ අදාළ කුළී මුදල වන මිලියන 24.6ක් මාස දෙකක් ගෙවා එම ගොඩනැඟිල්ලේ පැවති අඩුපාඩු සකසා නොදුන් නිසා තෙවන මාසයේ කුළිය ගෙවීමට නොහැකි යැයි පැවසූ නිලධාරිනියට බැණ වැදුණු ලේකම් විජයරත්න ඈ පරිපාලන සංචිතයට අනුයුක්ත කර දිගටම කුළී ගෙවීමට නියෝග කළ බවය.

මෙම ගොඩනැඟිල්ල කුළියට දීමේ දී අදාළ ජාතිය ගොඩනැඟීමේ සහ වැට් බද්ද ගොඩනැඟිල්ලේ හිමිකරු ගෙවිය යුතු වුවද එම මුදල ද රජජ ගෙවූ බව කෘෂිකර්ම අමාත්‍යංශ ගණකාධිකාරිනී නිලූකා ජයසිංහ සාක්ෂි දෙමින් හෙළි කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස