සන්නද්ධ අරගලයකට අඩිතාලම දමමින් ඉන්නේ…! – ෆීල්ඩ් මාර්ෂල්….

October 14, 2022 at 4:48 pm | by emanisa.lk

අරගලයක් ආරම්භ වන්නේ අයුක්තියට අසාධාරණයට එරෙහිව බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එවැනි අරගලයක් අයුක්තියෙන් මර්දනයට කටයුතු කළහොත් අරගලකරුවන් ඊට මුහුණ දීමට සූදානම් වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ආණ්ඩුව මේ වන විට අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් මර්දනය කරමින් ඒ සඳහා පාර කපමින් ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව සන්නද්ධ අරගලයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දෙයි.

තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කර එම අරගලය සඳහා අඩිතාලම සැකසීමට තමා කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *