සජිත් හැමදාම හැදුවේ නායකයා මරල රජවෙන්න…! ඔහුට කවදාවත් මේ රටේ ජනපති අගමැති වෙන්න බෑ….! – රංගෙ

February 6, 2021 at 11:59 pm | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායකයා හැම විට ම උත්සාහ කළේ නායකයා කෙසේ හෝ මරා දමා නායකයා වීමට බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එසේ නොමැතිව නායකයා ශක්තිමත් කර ඔහුගේ වාර දෙකට අවස්ථාව ලබා දී නායකත්වය ලබා ගැනීමට උත්සාහ නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.

අවසානයේ නායකයාටත් තැන නැති කර නියෝජ්‍ය නායකයාටයත් තැන නැති කරගත් බව රංගෙබණ්ඩාර අවධාරණය කරයි.

නැවත කිසිදා ඔහුට මේ රටේ අගමැතිවත් ජනාධිපතිවත් වීමට නොහැකි බව තමන් කැට තියා පවසන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දෙපැත්තේ කකුල් තබා ගෙන මැඩලින් නොගසා අලියා පිටට නඟින ලෙස ද මේ රටේ ඉතිහාසයක් ඇත්තේ අලියාට මිස ටෙලිෆෝනයට නොවන බව ද එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර පෙන්වා දෙයි.

අද (06) සීදුව ප්‍රදේශයේ පැවැති ගම්පහ දිස්ත්‍රික්ක නියෝජිත හමුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස