සජිත් ජනපති කැම්පේන් එක ආණ්ඩුවේ සල්ලිවලින් අරඹයි! තැන නොතැන නොබලා පෝස්ටර් ගසා රටම කැත කරයි!

August 5, 2019 at 8:22 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන් බවට හඳුන්වා දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස දිවයින පුරා පෝස්ටර් අලවා ඇත්තේ නිවාස සංවර්ධන අරමුදලේ මුදල් සහ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් යොදවා ගනිමින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා චෝදනා කරයි.

පෙරේදා (03) රාත්‍රියේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවයෙහි නියුතු නිලධාරීන් විසින් මෙම පෝස්ටර් මුද්‍රණය කරවන ආකාරය තමන්ට දැකගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස රාජ්‍ය මුදල් සහ සම්පත් අවභාවිත කරමින් සිය ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

රංජිත් සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විස්සයි 20ට අපෙන් සජිත් නම් පෝස්ටරයක් මේ අනුව රට පුරා අලවා තිබිණි. එම පෝස්ටර් දැන්වීම් පුවරුවල පමණක් නොව මාර්ග දෙපස අලංකරණය සඳහා තැබූ මල් බඳුන්වල පවා අලවා රටම කැත කර ඇතැයි සමාජජාලාවල විරෝධය පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස