සජිත් කොත්මලේ සැඟව සිටි ගැමුණු කුමාරයා වගේ! වහාම එජාප නායකත්වය භාරගන්න කියා ආරාධනා කරනු! – නලින් බණ්ඩාර

August 26, 2020 at 1:51 pm | by emanisa.lk

කොත්මලේ සැඟව සිටියදී දුටුගැමුණු කුමරු සොයා ගෙන ගොස් රජකම භාරගන්නා ලෙසට ආරාධනා කළ ආකාරයෙන්ම එජාපයේ කුමාරයා වන සජිත් ප්‍රේමදාසගෙන්ද එම පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස වත්මන් එජාප නායකයන් ඉල්ලා සිටිය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

“එක්සත් ජාතික පාක්ෂිකයො දන්නවා කොතැනද පක්ෂය තියෙන්නේ කියලා. පක්ෂය තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක. සමගි ජනබලවේගයත් එක්ක. එහෙනම් පක්ෂය කාටද භාරදෙන්න ඕන. දැන් එක්සත් ජාතික පක්ෂයේ කුමාරයා ඉන්නේ සමගි ජනබලවේගයේ. මහ දුරක් නැහැ. කොත්මලේට යනව වගේ ටික දුරක් යන්න ඕනේ නැහැ. මෙතන ඉඳන් කිලෝමීටර් දෙකයි.

එජාප නායකත්වය භාර අරගෙන මේක ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න කියලා දැන් ආරාධනාව කරන්නයි තියෙන්නෙ. ඒක කියන්නේ නැතුව අම්බලම් පාළුවෝ ළැගල ඉන්න සිරිකොතේ දැන් පක්ෂ නායකත්වය දෙන්න ඇන්ටික්ස් හොයනවා. කරු ජයසූරිය කියන්නෙ හොඳ මහත්තයෙක්. දෙදහස් පහළොවේ ජනාධිපති අපේක්ෂකය විදිහට පත් කරන්න හිටියේ ඒ මහත්තයව. එහෙනම් එදා ජනාධිපති.

දැන් මොන නායකත්වයක්ද? ඔතන නායකයෙක් වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් නැහැනෙ. කාටවත් ජනමතක් නැහැනෙ. දැන් එක්සත් ජාතික පක්ෂය සමානයි හාමුදුරුවරු රණ්ඩු වෙන කොඩිය පක්ෂයට. දැන් කරු ජයසූරිය මහත්තය කොහෙවත් නැති දේකට මුක්කු ගහන්න ගිහින් තමන්ගෙ ගෞරවය නැති කරගන්නවා.”

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස