ශ්‍රී ලංකාව කොවිඩ් සුනාමියක් අබියස….! ඉන් ගැළවීම පාර්ශ්ව තුනක් අතේ….! GMOA නිල මතය මෙන්….!

April 29, 2021 at 6:04 pm | by emanisa.lk

මේ වන විට රට පවතින්නේ දැඩි අවදානම් කොවිඩ් වසංගත තත්ත්වයක් අබිමුව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම තත්ත්වය නිසි ලෙස පාලනය කරගැනීමට අසමත් වුවහොත් රට ඉන්දියාව මෙන් කොවිඩ් සුනාමියක් දෙසට ගමන් කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා අනතුරු අඟවයි.

රජය සෞඛ්‍ය අංශ සහ ජනතාව එක ලෙස කැපවුවහොත් මෙම තත්ත්වය පාලනය කරගැනීමේ හැකියාව ඇතැයි ද හෙතෙම පවසයි.

රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ICU ඇඳන් තැනීමට නොව ජනතාව රෝගය බෝ නොකරගෙන සිටින තැනට රෝහල්ගත නොවන තැනට පාලනය කර ගැනීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කරයි. රටේ ආර්ථික කටයුතුවලට ඉඩ දෙමින් විනෝද ගමන්, වන්දනා ගමන් ඇතුළු සියලු අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

කොවිඩ් වැනි ගෝළීය වසංගතයක් දේශපාලන වාසි සඳහා භාවිත නොකළ යුතු බවත් එය සෞඛ්‍ය අංශවලට පාලනය සඳහා ඉඩදිය බවත් පවසන නවීන්ද සොයිසා එමගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා වර්තමාන තත්ත්වයට වගකිව යුතු බවත් අවධාරණය කරයි.

මාධ්‍ය ආයතන ඒ ඒ කාලවල උණුසුම් මාතෘකාවලට මිස කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය ප්‍රමුඛතාව ලබා නොදුන් බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ව්‍යාපෘතිය අසාර්ථක යැයි කිසිවෙකුට කිව නොහැකි බවත් මේ වන විටත් පළමු එන්නත පවා නොදුන් රටවල් ඇති බවත් පවසන නවීන්ද සොයිසා දෙවන එන්නත ලබා දීම සඳහා අඩු එන්නත් ගෙන ඒම සඳහා රජය මේ වන විටත් කටයුතු කරමින් ඇති බව ද ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස