ශ්‍රීලනිපය රැකගන්න චන්ද්‍රිකා සජිත් අද ගිවිසුම්ගතවෙයි! වෙල්ගම සජිත්ට සහාය දෙන්න බෑ කියයි!

November 1, 2019 at 7:56 am | by emanisa.lk

හිටපු ශ්‍රීලනිප නායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගිවිසුම්ගත වීම අද (01) සිදුවෙයි.

චන්ද්‍රිකා කුමාරතුංග අපි ශ්‍රීි ලංකා සංවිධානය ලෙස මෙලෙස ගිවිසුම්ගත වන්නේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදීය.

චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බලය අල්ලා ශ්‍රීලනිපය නමින් ගිවිසුම්ගත වීමට සැලසුම් කළ ද එය සාර්ථක වූයේ නැත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමා කිසිම දිනයක එජාප අපේක්ෂක සජිත්ට සහාය නොදෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස