වෛද්‍ය ෂාෆි මහ රෑ මවක් බලෙන් තනිවම සීසර් කරලා! සිංහල දොස්තරලාට මේවා තේරෙන්නේ නෑ කිව්වාලු!

June 8, 2019 at 10:49 am | by emanisa.lk

සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානමින් සිටි මවක්‌ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් මහතා විසින් මධ්‍යම රාත්‍රියේ තනිවම කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ ශල්‍යාගාරය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ එම මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණිල්ලක්‌ ලැබී ඇත.

මෙම දෙදරු මවගේ පළමු දරුවා සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසු උපත ලබා තිබිණි. ඇය සිය දෙවැනි දරුවා ද සාමාන්‍ය දරු උපතක්‌ මගින් බිහි කිරීම සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහල වෙත ඇතුළු වී සිට ඇත.

2010 වර්ෂයේ ජූලි 19 වැනිදා සවස ඇය සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානමින් සුතිකාගාරය වෙත රැගෙන ගොස්‌ තිබිණි. එදින රාත්‍රි 11.00 ට පමණ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් මහතා සූතිකාගාරය වෙත පැමිණ මෙම මව ට්‍රොලියක නංවාගෙන තනිවම ශල්‍යාගාරය වෙත රැගෙන ගොස්‌ ඇත.

පසුව මෙම වෛද්‍යවරයා ශල්‍යාගාරය තුළදී තනිවම මෙම මව සිසේරියන් සැත්කමට භාජනය කර ඇති බව එම දෙදරු මව කුරුණෑගල රෝහල වෙත ලබාදී ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.

තමන් සූතිකාගාරයේ සිට ශල්‍යාගාරය වෙත රැගෙන යද්දි සිංහල දොස්‌තරලාට මේවා කරන්න තේරෙන්නේ නැහැ යනුවෙන් වෛද්‍ය ෂාෆි පැවසූ බව ද එම මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මෙම සිසේරියන් සැත්කමින් පසු තමන් තුන්වැනි දරුවා බිහි කර ගැනීම සඳහා වසර ගණනක්‌ තිස්‌සේ උත්සාහ කළ ද දරුවකු බිහි නොවූ බව ඇය ලබාදුන් පැමිණිල්ලේ සඳහන් වී ඇත.

කුරුණෑගල රෝහල විසින් මේ සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ වෛද්‍ය ෂාෆි මහතා මෙම මව ප්‍රසූතිකාගාරයේ සිට ශල්‍යාගාරය වෙත රැගෙන ගොස්‌ ඇය සිසේරියන් සැත්කමට භාජනය කර ඇත්තේ ඇගේ කිසිම අනුදැනුමකින් තොරව බවයි.

ඊයේ (07) වන විට ෂාෆිට එරෙහිව දැන් පැමිණිලි 835ක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඊයේ දිනයේ කුරුණෑගල රෝහල වෙත මව්වරුන් 20 දෙනකු සිය පැමිණිලි ඉදිරිපත් කළ අතර දඹුල්ල රෝහල වෙත පැමිණිලි 12 ක්‌ ලැබී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස