වෛද්‍ය ෂාෆි දරුඵල අහිමි කළ බවට මව්වරු 381ක් පැමිණිලි කරති!

May 31, 2019 at 7:01 am | by admin

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් 381 දෙනකු ඊයේ (30 වැනිදා) වන විට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි කර තිබිණි.

ඊයේ දිනයේ පමණක් කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි 98 ක්ද, දඹුල්ල රෝහල වෙත පැමිණිලි 5 ක් ලැබී තිබේ. මේ අතර ෂාෆි වෛද්‍යවරයා දඹුල්ල නගරයේදී සිදුකළ සැත්කමින් පසු තමන් වඳ භාවයට පත්වූ බව කියන මවක් සීගිරිය පොලිසිය වෙත ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස