වෛද්‍ය ෂාෆිට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්!

June 29, 2019 at 3:25 pm | by emanisa.lk

සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

ඒ සඳහා එජාප වයෝවෘද්ධ මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වීමට යෝජනා කර ඇති අතර දින 52 ආණ්ඩුවට සහාය ලබා දුන් එස්.බී නාවින්නට ඉල්ලා අස්වන ලෙස විශේෂ දැනුම්දීමක් කර ඇත.

මේ කුමන ආකාරයකින් හෝ කුරුණෑගල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනා අතරින් අයකු ඉවත් කරගත හොත් වෛද්‍ය ෂාෆිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවෙයි.

ඒ කුරුණෑගල එජාප මනාප ලැයිස්තුවේ 8 වෙනි ස්ථානයට මනාප ලබා ඇත්තේ ඔහු බැවිනි. වෛද්‍ය ෂාෆි ලද මනාප ප්‍රමාණය 53 000කට වැඩිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස