වීඩියෝවක් නිකුත් කරමින් පාස්කු ප්‍රහාරය වර්ණනා කළ මවුලවිට ඇප!

October 24, 2019 at 4:11 pm | by emanisa.lk

පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය සාධාරණීයකරණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි මුස්ලිම් මවුලවිවරයා වව්නියාව අධිකරණයේ නියෝගයකට අනුව ඇප මත මුදාහැර තිබේ.

එම්. මුනව්ජිත් නමැති සැකකාර මවුලවිවරයා පාස්කු ප‍්‍රහාරයෙන් පසු විදේශ රටක සිට එම ප‍්‍රහාරය සාධාරණීය කරමින් අදාළ වීඩියෝ පටය නිකුත් කර තිබිණි.

ඔහු ඉකුත් මැයි මස 11 වැනිදා යළි මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදීයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු ඉකුත් 22 වැනිදා වව්නියාව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප නියම කර තිබේ.

කෙසේවෙතත් එදින සැකකරු ඇප කොන්දේසි සම්පූර්ණ කර නොතිබූ නිසා ඊයේ (23) දිනයේදී අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු සැකකරු ඇපමත නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස