සහරාන් විතරක් නෙමෙයි උලමා සංවිධානයත් මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු බවට තීන්දු කළා! – සුෆී මුස්ලිම් සංවිධාන

June 19, 2019 at 7:39 am | by emanisa.lk

ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් 2016 දෙසැම්බර් මස මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු බව ප්‍රකාශ කළ බවත් ඒ පිළිබඳ තමන් ජනපති අගමැති පොලිස්පති අධිකරණ ඇමති, නීතිය හා සාමය ඇමති සහ නීතිපතිවරයා ලිඛිතව දැනුම්වත් කළ බව සුෆී මුස්ලිම්වරුන්ගේ සංවිධානය වෙනුවෙන් සාක්ෂි දෙමින් කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි හෙළිදරව් කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමින් ඔහු මේ බව පැවසීය.

ඒ ඊයේ (18) මීට අමතරව ජමෙයිතුල් උලමා සංවිධානය 1979 වසරේ මාර්තු මාසයේදී මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමීමට හතුවා තීන්දුවක් ලබා දී ඇති බව ද ඔහු හෙළිදරව් කළේය.

සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය ඇති බවත් සුෆී මුස්ලිම් ජනතාවට ඔවුන්ගෙන් දැඩි තර්ජන ඇති බවත් සහ්ලාන් මවුලවි හැඬු කඳුලින් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස