ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුවට ලබා දෙන මහා ශක්තියක්! – ඇමති වජිර

June 30, 2019 at 11:58 am | by emanisa.lk

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා බොහෝ අවස්ථාවල ආණ්ඩුව පරාජය වී නොමැති බවත් එය ආණ්ඩුවට මහා ශක්තියක් බවත් ඇමති වජිර අබේවර්ධන පවසයි.

ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව අනිවාර්යෙන් ජය ගන්නා බවත් එසේ නොකර ආණ්ඩුවේ සිටිය නොහැකි බවත් හෙතෙම පවසයි.

කොළඹ යාපනේ බස්වල රියදුරන් දෙදෙනෙක් ද බුලට් ට්‍රේන්වල රියදුරන් කිහිප දෙනෙකු ද සිටින බවත් මේ ආණ්ඩුව එසේ නොවුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ජනාධිපතිවරයාට හිමිව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට ලබා දී ඇති බවත් පැවසීය.

78 ව්‍යවස්ථාව දුර්වල කළේ අපේම රටේ පුරවැසියන් බවත් දැන් එය හොඳ යැයි සිතන්නේ නම් ජේ.ආර්. ජනාධිපතිතුමාගේ පිළිරුවක් අසලට ගොස් සමාව ගත යුතු බවත් රූපවාහිනි නාළිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස