විද්වත් කමිටුවේ කනෙන් රිංගලා ගමනාගමන කොමිසමේ සභාපතිකමට හොරෙක් දාන්න හදනවා! – ගැමුණු

December 23, 2019 at 11:03 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දූෂිත සභාපතිවරයකු නැවතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහා පත්කිරීමේ සූදානමක් පවතින්නේ යැයි තමන්ට දැනගැනීමට ලැබුණු බව ලංකා පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව හෙළි කළේය.

“මහින්ද රාජපක්ෂගේ කාලෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙ දූෂිත සභාපතිවරුන් පස් දෙනෙක් හිටියා. ඒ අයට නැවත කිසිසේත්ම නැවත බලයක් හෝ තනතුරක් ලබාදෙන්න එපා කියලා ඔවුන්ගේ නම් අපි විද්වත් කමිටුවට යොමු කළා. ඒ දූෂිත ක්‍රියා ගැන විමර්ශන දැනටත් කෙරෙනවා.

මේ අවස්ථාවෙදි ඉතාමත් කණගාටුදායක කරුණක් තියෙනවා කියන්න. මහින්ද රාජපක්ෂගේ කාලේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ කළ දූෂිත සභාපතිවරයෙක් නැවත පත් කරන්න කටයුතු කරනවා. අපි මේ සම්බන්ධයෙන් ඇමතිවරයා දැනුම්වත් කළා. මේ මාසෙ 20 වනදා ජනාධිපතිතුමාට ලිඛිත දැනුම්දීමක් කළා මෙවැනි පුද්ගලයින් පත්කරන්න එපා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස