අතීතයේ කිසිවෙකු ගිය පාරක යාමට තමන් කැමැති නැති බව කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
කෙසේ වුව ද ඔවුන්ගේ පාරාජිත අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීමට තමන් කැමැති බවයි, ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා පවසන්නේ.
එහෙයින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගිය පාරේ යාමට ද තමන් අකමැති බවත් තමන් එම පාරේ යැවීමට පීඩකයින් අවස්ථා සොයමින් සිටින බවත් ලාල්කාන්ත අවධාරණය කරයි.