වැලිකඩ පොළොන්නරුව බන්ධනාගරත් කන්දකාඩුත් ලොක්ඩවුන්!

July 7, 2020 at 1:36 pm | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම අත්හිටුවා තිබේ.

මේ අතර අදාළ රැඳවියා පොළොන්නරු බන්ධනාගාරයේද රැඳී සිටි නිසා එම බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින්ද සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුද වන නිසා දැනට එහි සිටින සියලු පුනුරුත්ථාපනය වන්නන් සහ නිලධාරීන් නිරෝධායනට ලක් කර තිබේ.

මෙසේ සම්පූර්ණ නිරෝධායන ලක්කර ඇති විට 1000 කට වැඩි පිරිසකි.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස