වහා ම රට වසා දමනු….! නැත්නම් අපි රට වහනවා….! – වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවයි…

August 18, 2021 at 7:25 am | by emanisa.lk

පවතින තත්ත්වය යටතේ ආණ්ඩුව සිකුරාදා දින රට වසා නොදමන්නේ නම් අත්‍යවශ්‍ය සේවා හැරුණු විට අනෙකුත් සියලුම ආයතන සඳුදා සිට වෘත්තීය සමිති එක්ව වසා දමන බව වෘත්තීය සමිති අවධාරණය කළේය.

මේ සඳහා රජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ද එකතු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ අවධාරණය කළේ ය.

රජය් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ දවස් 10කට විද්‍යාත්මකව රට වසා දැමිය යුතු බවත් රටට ගුවන් යානා පැමිණීම ද නතර කළ යුතු බව ය.

පසුගිය සමයේ නිරෝධායන නීති නොතකා විරෝධතා උද්ඝෝෂණවල නිරත වූ මහින්ද ජයසිංහ ඇතුළු සියලු ම වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස