වඳ දොස්තර ෂාෆි ගැන පරීක්ෂණ වහාම නවතනු! සෞඛ්‍ය ඇමතිගෙන් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට නියෝග ලැබෙයි!

May 28, 2019 at 8:02 am | by admin

කාන්තාවන්ට ව`ද සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව පවත්වන සියලූ පරීක්‍ෂණ වහා නතර කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයාට දැඩි බලපෑම් එල්ල කර ඇත.

මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊයේ (27දා) ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තහවුරු කළේය.

අදාළ පරීක්‍ෂණ නතර කරන ලෙසට කරන බලපෑම් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසුවේය.

ඇමැතිවරයා සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා එම අවස්ථාවේදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛා සමිතියට පැමිණිලි කර ඇත. අනතුරුව එම සමිතිය විසින් ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිලි කළ බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කීවේය.

රටේ සෑම කෙනකුටම ක‍්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් බව කී වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වෛද්‍යවරයෙක් වරදක් කර ඇත්නම් ඔහු සිංහල ද මුස්ලිම් ද කියා නොසලකා දඬුවම් කළ යුතු බව කීය.

මවුවරුන් හාරදහසක් නොව එක් මවක හෝ අනවසරයෙන් ව`ද සැත්කමකට ලක් කළ නොහැකි බව කී වෛද්‍ය අලූත්ගේ මහතා, ඒ සඳහා අපක්‍ෂපාතී පරික්‍ෂණයක් සිදු කළ යුතු බවද කීවේය. එවන් පරීක්‍ෂණයක් කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් සිදු කරද්දී එම පරීක්‍ෂණය නතර කරන ලෙසට එම අධ්‍යක්‍ෂවරයාට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙසත් මේ සම්බන්ධයෙන් ඇමැති රාජිත සේනාරත්න මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ප‍්‍රකාශ කළේය.

චූදිත වෛද්‍යවරයාට පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූ බවත් මැතිවරණ පරාජයෙන් පසුව ඔහු පෙර පිහිටි තනතුරේම සේවයේ පිහිටුවීම සඳහා රාජිත සේනාරත්න මහතා මැදිහත්වී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එය අදාළ නීති රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් ලේකම්වරයා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස