ලොවක් දණ ගැස්සූ මුරලි ලොව දරුණුම ත්‍රස්තවාදය දණ ගැස්සූ ගෝඨාගේ වේදිකාවට!

September 8, 2019 at 4:12 pm | by emanisa.lk

ලෝකයේ මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍යම පන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ විශිෂ්තම ක්‍රිකට් තාරකාවක් වන මුත්තයියා මුරලිදරන් වියත්මග සංවිධානයේ තරුණ සමුළුවට අද (08) උදෑසන එකතු විය.

වියත්මග මහ සමුළුවට සමගාමීව විද්වත් සමුළු 04ක් අද උදෑසන කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ වූ අතර මහ සමුළුව හවස 4.30ට ආරම්භ වීමට නියමිතය. මුරලිදරන් සහභාගී වන වියත්මග තරුණ සමුළුව ඉන් එකකි.

මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලුලාභියා වන අතර ටෙස්ට් පිටියේ කඩුලු 800ක් ද එක්දින පිටියේ කඩුලු 534ක් ද ලැබීය.

වියත්මග සංවිධානය හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි.

වියත්මග සමුළුවට සහභාගී නොවන ලෙස මුරලිදරන්ට විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ල වූ බවට වාර්තා පළ වන එම සියලු බාධක සිඳ බිඳ මුරලි අද වියත්මග තරුණ සමුළුවට පැමිණ එහි සභාපති ගෝඨාභය රාජපක්ෂට යාබද අසුනේම අසුන් ගෙන සිටිනු දැකිය හැකි විය.

ලෝකයක් දණ ගැස් වූ මුරලිදරන් ලොව දරුණුතම ත්‍රස්තවාදය දණ ගැස් වූ ගෝඨාභයගේ වේදිකාවට පැමිණීම රටේ අනාගත ගමන් මග සුබවාදී දිශානතිය දෙසට ගමන් කිරීමක් බව විචාරක මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස