ලංකාව ⁣ස්වෛරී රාජ්‍යයක්! අපට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නෑ! – 20 හකුළන්න කී මානව හිමිකම් කොමසාරිස්ට ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාර

September 17, 2020 at 11:00 am | by emanisa.lk

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අත්හිටුවිය යුතු යැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් කළ ප‍්‍රකාශය රජය එක හෙළාම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මෙම සංශෝධනය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහෙන බව ඈ සඳහන් කර තිබේ.

45 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ඇය පැවසුවේ 20 වැනි සංශෝධනයට තමා එරෙහි බවයි. ශී‍්‍ර ලංකා ස්වෛරී රටක් අපට උපදෙස් දීමට ඇයට හිමිකමක් නැතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම සංශෝධනයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැඩි බලපෑම් එල්ල කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස