රෝහල්ගතව සිටි හේමසිරිට සහ පූජිත්ට ඇප!

July 9, 2019 at 2:42 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09 ) නියෝග කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට මොවුන් දෙදනා අත්අඩංගුවට ගෙන තිබිණි.

මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි. එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි.

සැකකරුවන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.

සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *