රු. කෝටි 648ක PCR පරීක්ෂණ කරලා…!

January 18, 2021 at 6:29 pm | by emanisa.lk

පසුගිය වසරේ (2020) සිට මේ දක්වා PCR පරීක්ෂණ දාහතර ලක්ෂ අසූහයදහස් නවසිය පනස් එකක් පෞද්ගලික ආයතන 07කදී සහ රාජ්‍ය අංශයේ ආයතන 22කදී කර ඇති බවත් එම PCR පරීක්ෂණ සඳහා රුපියල් කෝටි 648ක මුදලක් වැය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පෞද්ගලික අංශයේ වැඩි ම PCR පරීක්ෂණයන් සිදුකර ඇත්තේ නවලෝක පෞද්ගලික රෝහලේ දී වන අතර ඔවුන් පසුගිය වසරේ ජුලි මාසයෙන් ආරම්භ කළ PCR පරීක්ෂණයන් මේ වන විට එක්ලක්ෂ අනූහත්දාස් දෙසිය තිහක් සිදුකර ඇතැයි එම ප්‍රකාශකයා පවසයි.

මේ අතර පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා සිට කොළඹ වෛද්‍ය පර්‌යේෂණායතනයේ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපන්දහස් හත්සිය හතළිස් එකකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත කර තිබෙන PCR රසායනාගාර මගින් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්නවදහස් නවසිය අසූ එකක් වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස