රුසියාවෙන් අඩු මිල තෙල් ලංකාවට…! පළමු බොරතෙල් නැව් දෙක එයි…!

August 13, 2022 at 7:20 pm | by emanisa.lk

මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් නෞකාවක් අද (13) රාත්‍රියේ ලංකාවට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

හෙට (14) එහි ප්‍රමිතිය පරික්ෂා කිරීමට නියමිතය.

තවත් ටොන් 120 000ක බොරතෙල් නෞකාවක් එළඹෙන 23-29 අතර ලංකාවට පැමිණෙන අතර ඉක්මනින් තෙල් පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.

මෙම තෙල් නෞකා දෙක ම රුසියානු යුරල්ස් බොරතෙල් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *