රුසියාවෙන් අඩුවට තෙල් ගන්න පුළුවන් නම් ගම්මන්පිල නොගත්තේ ඇයි…? – කාංචන..

June 22, 2022 at 1:05 pm | by emanisa.lk

තමා බලශක්ති අමාත්‍ය ධූරයේ වගකීම භාරගෙන කටයුතු කරන්නේ සති 06ක පමණ කාලයක සිට යැයි අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එතෙක් වසර එකහමාරකට අධික කාලයක් එම ඇමැති ධූරයේ කටයුතු කළේ උදය ගම්මන්පිල බවත් එකල රුසියාවෙන් 35%ත් අඩු මිලට තෙල් ලබා ගැනීමට හැකි නම් ඔහු ඇමැතිවරයා ලෙස කටයුතු නොකළේ මන්දැයි සොයා බැලිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

රුසියාවෙන් තෙල් මිලයට ගැනීමට මේ වන විට සියලු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරන අතර බංකොලොත් වූ රටක් සමග ගනුදෙනු කිරීමේ දී අනුගමනය කරන රුසියානු නීති රීති ඊට බාධාවක් වී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රුසියාවෙන් අඩු මිලට තෙල් ලබා ගැනීමට මැදිහත්විය හැකි නම් ඒ සඳහා හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරට මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස ප්‍රකාශ කළ කාංචන විජේසේකර, ඒ සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (22) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *