රිෂාඩ් හෝදන තේරීම් කාරක සභාවට නොයන්නේ දේශපාලන කුහකයෝ! බොරු විශ්වාසභංගවලින් ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන්න බෑ! – කාවින්ද ජයවර්ධන

May 24, 2019 at 12:51 pm | by admin

පොහොට්ටුවේ කල්ලිය තේරීම් කාරක සභාවට සහභාගී වන්නේ නැතැයි පැවසීමෙන්ම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය මනාව පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද අභයවර්ධන මහතා පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා ඉතා හොඳින් විමර්ශනයට ලක් කර එහිදී වැරදි නිවැරදි බව තෝරා බේරාගත හැකි හොඳම විකල්පය තේරීම්කාරක සභාව කී බව කී මන්ත්‍රීවරයා එවැනි අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බවද සඳහන් කළේය.

බොරු විශ්වාසභංගවලින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය. කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වුවද මන්ත්‍රීවරයා කාර්යබහුල නිසා එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වී ඇති අතර ඒ වෙනුවට ඇමති රාජිත සේනාරත්න ජවිපෙ නලින්ද ජයතිස්ස පත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස