අසාද් සාලි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු අන්තවාදයට සහය දෙන සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද සවස උද්ඝෝෂණයක් පැවැත්විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.
වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවද නීති ගරුක ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවද මෙහිදී උද්ඝෝෂකයෝ අවධාරණය කළහ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ කොටුව අවට වාහන ධාවනයට බාධා ඇති විය.