රාජ්‍ය ආයතනවලින් පාලකයන්ගේ photo ඉවත් කළෙත් මම! ගෝඨාභය අලුතින් කළ මගුලක් නෑ! මම කළ දේවල් එයා කොෆි කරනවා! – මංගල

December 16, 2019 at 1:47 pm | by emanisa.lk

මාසයක් ගත වුවද ගෝඨාභය රාජපක්ෂ රටට අලුතින් කළ කිසිවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

එහෙත් රටට අලුත් දේවල් කළේ යැයි මහ ප්‍රෝඩාවක් කරමින් ජනතාව මූළා කර එළඹෙන මහ මැතිවරණයෙන් 2/3ක බලයක් ලබා ගෙන 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට සූදානමින් සිටින බවට ද හෙතෙම චෝදනා කළේය.

විදෙස්ගත වන විට තොරණ ගසන්න යැයි කියා යළි පැමිණ එය ගළවා දමන ලෙස නියෝග කර මහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය ආයතනවල රාජ්‍ය නායකයාගේ පින්තූර නොගැසීම අලුත් දෙයක් නොවන බවත් එම සංස්කෘතිය 2015 රටට හඳුන්වා දුන්නේ තමන් බවත් හෙතෙම සිහිපත් කළේය.

තමා මුදල් ඇමතිවරයා ලෙස හඳුන්වා දුන් ගම්පෙරළිය වැඩසටහනට අදාළ ව්‍යාපෘති දැන්වීම්වල අවශ්‍ය නම් ජනපති අගමැති පින්තූර ඇතුළත් කරන ලෙසත් තමන්ගේ පින්තූර ඇතුළත් නොකරන ලෙසත් තමා දැනුම් දුන් බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස